R Language - 02 - Getting Ready for R

අද මන් කියන්නම් මුලින්ම මොනවද කියල R වලින් වැඩ පටන් ගන්න කලින් අපි අපේ පරිගණක වල ස්ථාපිත(install) කරන්න ඕන දේවල්. 
අනිත් language වගේම තමා. මුලින්ම අපි R install කරගන්න ඕනා.

ඒකට මෙතනින් ගිහින් ඔයාලගේ Operating System එකට අදාල link එක තෝරාගන්න.

 ඊට පස්සේ එන මේ 👇window එකෙන් ඔයාලා පලවෙනි වතාවට install කරන නිසා උඩින්ම තියෙන Install R for the first time කියන එක තෝරන්න.


ඊට පස්සේ ඔයාලගේ පරිගණකයට setup file එකක් download වේවි. ඒක Open කරලා next කරමින් ඉදිරියට යන්න පල්ලෙහායින් තියෙන window එක එනකන්.





එතැනදී ඔයාලගේ පරිගණකයේ processor එක 64bit ද, 32 bit අනුව හරි එක විතරක් තෝරලා next කරන්න. මගේ 64bit නිසා මම එක select කරලා තියෙන්නේ. ඉදිරියට ගියහම install වේවි.

හරි දැන් ඔයාලට R programming කරන්න පුළුවන්. ඒත් එකට ඕන කරන IDE එකක් නෑ. දැන් එහෙනම් අපි ඒකත් Install කරගමු.
ඒකට මෙතනින් යන්න. ඔයාලට අවශ්‍යනම් මුදල් ගෙවලා එතන තියෙන එකක් මිලදී ගන්නත් පුළුවන්. ඒත් අපි ඉගෙන ගන්න යන පොඩි පොඩි දේවල් වලට නොමිලේ දෙන RStudio Desktop සංස්කරණය හොඳටම ඇති. 



එතන තියෙන Download එක click කරාම පල්ලෙහායින් තියෙන Installer වලින් මේ පෙන්නලා තියෙන එක Download කරගන්න. ආයෙත් කියන්නම් තමන්ගේ OS එකට අදාල එක Download කරගන්න. එකත් කලින් වගේම install කරගත්තට පස්සේ ඔයාල R එක්ක වැඩ කරන්න ලෑස්තියි. එහෙනම් අදට මෙච්චරයි. ඊලග එකේ ඉදං අපි R ඉගෙන ගන්න පටන් ගමු.


Comments

Popular posts from this blog

Google Deep Mind & AIs

Google Deep Mind & AIs - Part II