R Language - Part I (Intro)



අද මම කියන්න යන්නේ ටිකක් වෙනස් දෙයක් ගැන. මේක මගේ පලවෙනි programming tutorial එක වගේම පලවෙනි සිංහල බ්ලොග් පොස්ට් එක. හරි එහෙනම් අපි බලමු මොකද්ද අද වෙන්නේ කියලා.
ඔයාලා මාතෘකාව දැක්කම දන්නවා ඇති මොකක් ගැනද අද කතා වෙන්නේ කියලා. R Language එක ගැන තමා අද කතා කරන්න පටන් ගන්නේ. අද ලිපියෙන් මන් R ගැන පොඩි intro එකක් විතරක් කරන්නම්. මේක දිගටම කරගෙන යන වැඩසටහනක් වෙයි. ඒ හින්ද Subscribe කරලා දිගටම රැදිලා ඉන්න.
මුලින්ම කියන්න ඕන මාත් මේ R තාම ඉගෙන ගන්න කෙනෙක්. ඒ හින්දා මන් 100% දන්නේ නැහැ. ඒත් මන් කරන්නේ self-learning නිසා මට වැරදුනු තැන් සහ ඒවා හදා ගත්ත විදිහ එක්ක කියල දෙන්න මන් බලාපොරොත්තු වෙනවා.
 මුලින්ම බලමු මොකද්ද මේ R language කියන්නේ කියලා.

R කියන්නෙත් programming language එකක්. මේක Open-Source Language එකක්. වෙන විදිහකට සරල කිව්වොත් Source code එක විවෘතව නිදහස් කරලා තියෙනවා Developers ලට කැමති ආකාරයකට වෙනස් කරගන්න. ඒ ගැන වෙනම කියල දෙන්නම්. හරි දැන් R  පාවිච්චි කරන්නේ කව්ද? සාමාන්‍යයෙන් අපි වගේ අයට වඩා මේ language පාවිච්චි කරන්නේ සංඛ්යානඥයින් නැත්නම් Data Miners ලා.  ඒකට හේතුව තමයි මේ software environment එක හදලා තියෙන්නේ පරිගණක ආශ්‍රිත සංඛ්යාන කටයුතු වලට සහ රූපක නැත්නම් සරලව කිවොත් Graphics/graphs වගේ දේවල් වලට. ඒ හින්ද අනිත් භාෂාවල් වගේ මේක අපි අතර වැඩිය ජනප්‍රිය නැහැ. ඒත් අවශ්‍ය අය දන්නවා වටිනා කම. හැබැයි මේ මන් කිව්ව Graphics ඔක්කොම  R Foundation for Statistical Computing කියන ලාභ නොලබන ආයතනය support කරන ඒවා විතරයි. මේ කිව්ව ආයතනයට තමා R language එකේ අයිතියට හිමිකම් කියන්නෙත්.
R කියන්නෙත් GNU package එකක්. GNU මොකද්ද කියල දැනගන්න ඕනනම් මෙතනින් යන්න. මේ language ලියල තියෙන්නේ C සහ Fortran කියන language දෙක බාවිතා කරලා. මන් කලින් කිව්වා වගේ මේ language එක Open-source හින්ද මේක නොමිලේම  GNU General Public License යටතේ බෙදා හරිනවා. R කියන්නේ ගොඩක් Command Line Interface (CLI) හරහා ක්‍රියාත්මක වෙන භාෂාවක් ඒත් graphical front-end කිහිපයකුත් සහිතයි.
මේ R හැදුනේ S programming language එක සහ lexical scoping දෙක එකතු වීමෙන් කිව්වොත් මන් නිවැරදි. ඔබ S programming language එක දන්නා කෙනෙක් නම් මේක එතරම් අපහසු වෙන එකක් නැහැ. මොකද S programming language එකේ ලියපු codes බොහොමයක් කිසිම වෙනසක් නැතුව R වලත් ක්‍රියාත්මක කරන්න පුළුවන්.
එතකොට මේක හැදුවේ කව්ද කියන එකත් දැනගන්න එක හොඳයිනේ. R හැදුවේ  Ross Ihaka සහ Robert Gentleman කියන සංඛ්යානඥයින් දෙදෙනා එකතු වෙලා University of Auckland වලදී. දැනට මේක Develop කරන්නේ R Development Core Team එකෙන්. මේක මුල් වරට ලෝකෙට දකින්නට ලැබුනේ 1995 අගෝස්තු  වලදී උනාට මුල්ම Stable Release එක උනේ 2000


 හරි අදට ඔය ඇති. මන් ඊලග පොස්ට් එකෙන් තව පොඩ්ඩක් විතර කියලම Tutorial පටන් ගන්න. 

Comments

Popular posts from this blog

Google Deep Mind & AIs

Google Deep Mind & AIs - Part II

R Language - 02 - Getting Ready for R