Posts

Showing posts from June, 2017

R Language - 02 - Getting Ready for R

Image
අද මන් කියන්නම් මුලින්ම මොනවද කියල R වලින් වැඩ පටන් ගන්න කලින් අපි අපේ පරිගණක වල ස්ථාපිත(install) කරන්න ඕන දේවල්.  අනිත් language වගේම තමා. මුලින්ම අපි R install කරගන්න ඕනා. ඒකට මෙතනින් ගිහින් ඔයාලගේ Operating System එකට අදාල link එක තෝරාගන්න.   ඊට පස්සේ එන මේ 👇window එකෙන් ඔයාලා පලවෙනි වතාවට install කරන නිසා උඩින්ම තියෙන “ Install R for the first time ” කියන එක තෝරන්න. ඊට පස්සේ ඔයාලගේ පරිගණකයට setup file එකක් download වේවි. ඒක Open කරලා next කරමින් ඉදිරියට යන්න පල්ලෙහායින් තියෙන window එක එනකන්. එතැනදී ඔයාලගේ පරිගණකයේ processor එක 64bit   ද, 32 bit අනුව හරි එක විතරක් තෝරලා next කරන්න. මගේ 64 bit නිසා මම එක select කරලා තියෙන්නේ. ඉදිරියට ගියහම install වේවි. හරි දැන් ඔයාලට R programming කරන්න පුළුවන්. ඒත් එකට ඕන කරන IDE එකක් නෑ. දැන් එහෙනම් අපි ඒකත් Install කරගමු. ඒකට මෙතනින් යන්න. ඔයාලට අවශ්‍යනම් මුදල් ගෙවලා එතන තියෙන එකක් මිලදී ගන්නත් පුළුවන්. ඒත් අපි ඉගෙන ගන්න යන පොඩි පොඩි දේවල් වලට නොමිලේ දෙන RStudio Desktop සංස්කරණය හොඳටම ඇති.