Posts

Showing posts from May, 2017

R Language - Part I (Intro)

Image
අද මම කියන්න යන්නේ ටිකක් වෙනස් දෙයක් ගැන. මේක මගේ පලවෙනි programming tutorial එක වගේම පලවෙනි සිංහල බ්ලොග් පොස්ට් එක. හරි එහෙනම් අපි බලමු මොකද්ද අද වෙන්නේ කියලා. ඔයාලා මාතෘකාව දැක්කම දන්නවා ඇති මොකක් ගැනද අද කතා වෙන්නේ කියලා. R Language එක ගැන තමා අද කතා කරන්න පටන් ගන්නේ. අද ලිපියෙන් මන් R ගැන පොඩි intro එකක් විතරක් කරන්නම්. මේක දිගටම කරගෙන යන වැඩසටහනක් වෙයි. ඒ හින්ද Subscribe කරලා දිගටම රැදිලා ඉන්න. මුලින්ම කියන්න ඕන මාත් මේ R තාම ඉගෙන ගන්න කෙනෙක්. ඒ හින්දා මන් 100% දන්නේ නැහැ. ඒත් මන් කරන්නේ self-learning නිසා මට වැරදුනු තැන් සහ ඒවා හදා ගත්ත විදිහ එක්ක කියල දෙන්න මන් බලාපොරොත්තු වෙනවා.  මුලින්ම බලමු මොකද්ද මේ R language කියන්නේ කියලා. R කියන්නෙත් programming language එකක්. මේක Open-Source Language එකක්. වෙන විදිහකට සරල කිව්වොත් Source code එක විවෘතව නිදහස් කරලා තියෙනවා Developers ලට කැමති ආකාරයකට වෙනස් කරගන්න. ඒ ගැන වෙනම කියල දෙන්නම්. හරි දැන් R  පාවිච්චි කරන්නේ කව්ද? සාමාන්‍යයෙන් අපි වගේ අයට වඩා මේ language පාවිච්චි කරන්නේ සංඛ්යානඥයින් නැත්නම් Data Miners ලා.